රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවසේ සිට වැඩකළ හැකි දිනයක් වෙයි
රාජ්‍ය සේවකයන් සඳහා සිකුරාදා දිනය නිවසේ සිට රාජකාරී කළ හැකි දිනයක් බවට පත්කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
රටේ පවතින ඉන්ධන හා මූල්‍ය අර්බුදය හේතුවෙන් මෙම පියවර ගන්නා බව ද දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ අදට (5) යෙදෙන ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව මාදිවෙල කේතුමතී විහාරස්ථානයේ දී පැවති මී පැළ බෙදාදීමේ හා රෝපණය කිරීමේ අවස්ථාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
ඒ අනුව රාජ්‍ය සේවකයන් රාජකාරියට පැමිණිය යුතු දින ගණන සතියකට දින 4ක් දක්වා අඩුවන බව ඇමතිවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වන යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ඇමතිවරයා කීවේය.
popular news
-
Deepal Nirosh Monday, 06 June 2022 04:46 AM
රාජ්‍ය සේවය විතරක් නොවෙයි ගරු ඇමතිතුමා, රටේ පාසලුත් සතියකට දිනක් (බදාදා?) නිවාඩු දීල අර්බුදය සංසිඳෙන තෙක් මේ ආර්ථිකය හකුළුවමු. ප්‍රශ්නයට ස්ථිරසාර පිළියමත් ආර්ථිකය හකුළුවා (20-30%) රටේ පරිභෝජනය අවම කර ගැනීමයි. එසේ නො කර මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න නම් බැහැ.
Reply : 0 1
Anta Monday, 06 June 2022 06:51 AM
ගැසට් එකකින් නිවාඩු දෙන එක හොඳයි. රජයේ ඉහළ නිලධාරී ඉන්නවා කියවල තේරුම් ගන්න බැරි අය. දැනටත් නිවාඩු නොදුන් රජයේ ආයතන (සභාපති) තියෙනවා. කොවිඩ් කලෙත් නිවාඩු නොදුන් සභාපති වරුන් ඉන්නවා. සේවකයන් හා රජය දරුණුවට අපහසුතාවයට පත්කරමින් අත්‍යවශ්‍ය සේවා වලට වැඩියෙන් අත්‍යවශ්‍ය සේවා ආයතනයන් ලෙස සලකමින් ක්‍රියාකරමින් සිටිනවා. රජයේ ක්‍රියා පටිපාටියට විරුද්ධව ක්‍රියාකරමින් සිටිනවා. (සොයල බලන්න)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

